මුදලිගේ ඝාතනය කරන බවට වන්නිල ඇත්තන්ට කුරුණෑගලින් ලියුමක්!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ “පෙති ගසා මරා දමන බවට” නිර්නාමික ලිපියක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පසුගිය 04 වැනිදා ලැබී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ ගේ සහෝදරයා ඊයේ (08) මාධ්‍යයට අනාවරණ කළේය.
එම ලියමන පැමිණ ඇත්තේ කුරුණෑගලින් බවද ඔහු පවසයි.
ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට පෙර ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසා සිටියේය.
අනුර මුදලිගේ,
“පෙති ගහලා මරණවා කියලා තියෙනවා. වන්නිලඇත්තන්ට කියලා තියෙනවා පෙනී ඉන්න එපා කියලා. ලියුම කුරුණෑගලින් ඇවිල්ලා තියෙන්නේ.”