පන්සල් කළුවර කරන ඕමල්පේ හිමියෝ කුමන්ත්‍රණයකට අහුවෙලා!

“විහාරස්ථාන වල රාත්‍රී 10ට විදුලිය නවත්තන්න කියන්නේ දේශපාලන අරමුණු වලින් ක්‍රියාකරන අයයි..පන්සල් වල ලයිට් නිවන් කියන්නේ ජනතාව නෙමෙයි..ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් ඉල්ලනවා මෙවැනි අසාධාරනකම් කරන්න එපා කියලා”
මේ බව පවසා සිටියේ ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතායි.
ඒ අද (09) දින අරගලයට මාස 06ක් පිරෙන මොහොතේ අරගලයෙන් මිය ගිය පුද්ගලයින් 9 දෙනෙකු සමරමින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ බුදු මැදුර අභියස පින් අනුමෝදන් කිරීමේ පින්කමක් සංවිධානය කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
ඒ මෙන්ම චානක බණ්ඩාර මහතා තවදුරටත් පවසා සිටියේ …
“සැබෑ අරගලය සාමකාමී.සමහරක් අය අරගලයට ඇවිල්ලා පාට පාට කන්නාඩි වලින් දේශපාලනය කරන්න පටන් ගත්තා.අරගලයට ඇවිල්ලා ජීවිත පූජා කලේ සැබෑ අරගලකරුවන්.මේ අරගලය දේශපාලන කෝණවලින් ඇවිල්ලා පටු අරමුණු වලට ගන්න එපා.අපි අරගලයට ආවේ සමාජ දේශපාලන ප්‍රශ්න වල අසාධාරණය නිසයි.
තිලිණි ප්‍රියමාලි ලඟ මුදල් තිබුන අරගලයේ ක්‍රියාකාරීන් සිදු කළේ දේශපාලන අවශ්‍යතාවයක්. අරගලය අපවිත්‍ර කරපු අය අරගලය අපයෝජනය කරපු අය ඉන්නවා..”