කළුවර පොහොය විරෝධය අත්හිටුවයි!

අද (09) වප් පොහෝය දිනයේ විදුලි බිලට විරෝධය පලකමින් සිදුකිරීමට නියමිතව සිටි කළුවර පොහොය විරෝධය අත්හිටවූ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
ආගමික ස්ථාන සඳහා විදුලි බිල සඳහා සහනක් ලබාදීමට අදාළව මහජන උපයෝගීතා කොමිසමෙන් ලැබුණු ලිඛිත පොරොන්දුවක් මත මෙම තීරණය ගත් බවයි උන්වසහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.