තිලිණි රාජපක්ෂ පවුල සමග සම්බන්ධයක් නෑලු! හොරෙක් නොවේදැයි සැකයි..

 තිලිණි රාජපක්ෂ පවුල සමග සම්බන්ධයක් නෑලු! හොරෙක් නොවේදැයි සැකයි..

තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව සඳහන් කරයි.

තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාර්යාලය පවසන්නේ එය ඉකුත් වසරේ මාර්තු මාසයේදී රාජපක්ෂ මහත්මිය චිත්‍රපට නිෂ්පාදනයක් හා සංගීත සංදර්ශනයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගි වී සිටි අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක් බවය.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ කලාකරුවන් ද සහභාගී වූ මෙම උත්සවයට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් රාජපක්ෂ මහත්මිය වෙත ආරාධනාවක් කර තිබුණි.

තිළිණි ප්‍රියමාලි සමඟ රාජපක්ෂ මහත්මිය හෝ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ කිසිවකු අතර සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය මෙම පින්තූරය ප්‍රචාරය කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාව හෙළා දකියි.

Newspedia 01

Related post