ඊයේ හදිසියෙම ජීවන්තව නිදහස් කළේ ඇයි?

 ඊයේ හදිසියෙම ජීවන්තව නිදහස් කළේ ඇයි?

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහ අරගලයේ ක්‍රියාකාරික හෂාන් ජීවන්ත මුදා හැරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) දිනයේ නියෝග කළේය.

එහිදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අධිකරණයට පවසා සිටියේ ඔහුට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බවය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබුණු අතර, ඔහු එතෙක් දින 50 ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන විමර්ශන සිදුකර තිබිණ.

Newspedia 01

Related post