පසුගිය මාස 12 තුළ මෙරට සිදුවූ මුල්‍ය විනය විරෝධී කටයුතු ලෝක බැංකුව හෙළිකරයි.

ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධන දත්ත (SLDU) පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ.
එමගින් පසුගිය මාස 12ට අදාලව ශ්‍රී ලංකාවේ සංවර්ධන තත්වය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳව වාර්තා කොට ඇත.
ලෝක බැංකුව විසින් අදාල වාර්තාව නිකුත් කරමින් පවසන්නේ මෙම දත්ත ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී ප්‍රතිපත්ති සම්පාදකයන්ට, ව්‍යාපාරිකයන්ට, රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව උනන්දුවක් දක්වන විශ්ලේෂකයින්ට වැදගත් වනු ඇති බවයි.
මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ආරථික අර්බුදයකට ලක්වීමට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දී ඇත්තේ වසර ගණනාවක් පුරා සිදුවූ මුල්‍ය විනය විරෝධී කටයුතු හා රජයට දරාගත නොහැකි වන ලෙස ගනු ලැබූ අවධානම් සහගත ණය බවයි. මේ හමුවේ පැනනැගුනු ආර්ථික අර්බුදය තුළත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳ පොළ වෙත නොගොස් අඛණ්ඩව ණය ගෙවීම සහ ආනයන සඳහා පහසුකම් සැලසීම හේතුවෙන් බැංකු පද්ධතියේ නිල සංචිත සහ විදේශ වත්කම් හිඟ වූ බව ලෝක බැංකු වාර්තාව මගින් ප්‍රකාශ කොට තිබේ.
අදාළ සම්පුර්ණ වාර්තාව මෙතනින්