නඩුවක් නිසා වෙළඳ ඇමතිව අස්කරන ලෙස ජනපතිට ලිපියක්!

 නඩුවක් නිසා වෙළඳ ඇමතිව අස්කරන ලෙස ජනපතිට ලිපියක්!

අධිකරණයේ පවතින නඩුවක් හේතුවෙන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාව තනතුරකින් ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබියදී එම ආයතනය භාරව කටයුතු කරන අමාත්‍යවරයා ලෙස ඔහුව පත් කිරීම බරපතල අපරාධයක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා එම ලිපිය මගින් පෙන්වාදී තිබේ.

වෙළඳ අමාත්‍යවරයා සිය වගකීම් පැහැරහරිමින් විදේශීය ව්‍යාපාරිකයන් සමඟ ව්‍යාපාර කටයුතු කරන බවට එල්ල වූ චෝදනා වලට අමාත්‍යවරයා පිළිතුරු ලබානොදීම හේතුවෙන් එය ඔප්පු වනබවට ඒ මහතා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

Newspedia 02

Related post