ශ්‍රී ලංකාවට ගෙනා ජිනීවා යෝජනා වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල වෙත ගෙන ආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ද ලැබී ඇත.
එමෙන්ම සාමාජික රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබුණි.
චීනය සහ පාකිස්තානය මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් අදහස් පළ කළ අතර ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.