මෛත්‍රීගේ රීට් පෙත්සමට දින දෙයි!

 මෛත්‍රීගේ රීට් පෙත්සමට දින දෙයි!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කරනු ලැබූ රීට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

මෙම පෙත්සම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකරනු ලැබිණ.

ඒ අනුව රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදී.

Newspedia 02

Related post