අනුර කෝප් කමිටු රැස්වීම මග හරී!

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා තෝරන ජන්ද විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවීමට කටයුතු කොට ඇත.
ජන්ද විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රංජිත් බණ්ඩාර මහතාට ජන්ද 14 ක් සහ සමගි ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්න මහතාට ජන්ද 7කුත් හිමිව තිබිණ.
විපක්ෂයේ අනෙකුත් සියලු සාමාජිකයන් ඉරාන් වික්‍රමරත්න මහතාට ජන්දය ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී කෝප් කමිටු සභාපති ධූරය විපක්ෂයට දීමට පියවර ගෙන තිබූ අතර ඊට ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා නම් කිරීමට එවක විපක්ෂය පියවර ගෙන තිබිණ.
එසේ තිබියදීත් මෙවර කෝප් සභාපති තෝරන ජන්ද විමසීමේදී අනුර කුමාර දිසානායක මහතා එය මගහැර සිටීම සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත.