වාහන 3000ක් තියෙද්දී ලංවිම කුලියටත් වාහන 800ක් අරන්!

 වාහන 3000ක් තියෙද්දී ලංවිම කුලියටත් වාහන 800ක් අරන්!

මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය මුල්‍ය අර්බුදයකට බරපතල ලෙස ලක්ව ඇති නිසාවෙන් මහජනතාවට විදුලි කප්පාදුවකට පවා මුහුණ දීමට සිදුව ඇති කාලයක මණ්ඩලයේ අධික මුදල් නාස්තියක් පිළිබඳව වාර්තා වේ.

එහිදී ලංකා විදුලි බල මණ්ඩලය සතුව වාහන 3000ට අධික ප‍්‍රමානයක් තිබියදී විශාල බදු මුදලක් ගෙවමින් වාහන 800කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් ලබාගෙන අධික මුදලක් විනාශ කරන බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විදුලිබල මණ්ඩල ශාඛාව චෝදනා කරයි.

ඔවුන් පවසා සිටින්නේ හිතවත්කම් මත පෞද්ගලික අංශයෙන් වාහන ධාවනයට යොදවා කිලෝමීටර අනුව ගෙවීම සිදුකරන බවයි.

එමෙන්ම මීට අමතරව මණ්ඩලය සතු විශාල සේවක පිරිසක් සිටියේ දී කොන්ත්‍රාත් ක්‍රමයටත් අති විශාල සේවක පිරිසක් සේවයේ යොදවා ගන්නා බව ද පැවසූ ඔහු පසුගිය වසරක කාලය තුළදී පමණක් මෙම කොන්ත්‍රාත් සේවකයන්ට රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවා ඇතැයිද කියා සිටියේය.

Newspedia 02

Related post