පොහොට්ටු මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

 පොහොට්ටු මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්, පසුගියදා සිදුවූ බැංකු මංකොල්ලයකට සම්බන්ධව නම කියැවුණු තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පෙර පුවත :

තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් මිලියන 22.3 ක මුදලක් සැකකරුවන් දෙදෙනෙකු කොල්ලකෑමට උත්සහ කර ඇති අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු විසින් ඔවුන්ගේ කොල්ලය ව්‍යර්ථ කර ඇත.

සැකකරුවන්ට යතුරුපැදියක් ලබාදී කොල්ලකෑමට සහය වීම සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන වලදී හැකිව තිබිණ.

බැංකු කොල්ලයට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

Newspedia 01

Related post