පදිකයෙකුගේ කොන්ද කැඩූ සමන් රත්නප්‍රිය තවමත් නිදැල්ලේ?

 පදිකයෙකුගේ කොන්ද කැඩූ සමන් රත්නප්‍රිය තවමත් නිදැල්ලේ?

ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැදවූ වාහනයට යට වී තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර ඇති බව අද අරුණ පුවත්පත වාර්තා කරයි.

පසුගියදා (25 වැනිදා) බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ ඩී.පාලිත සුරංග නමැති 34 හැවිරිදි පුද්ගලයකි.

තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රථමයෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ කශේරුකාවේ ඉහළම අස්ථිය බිඳී ගොස් තිබීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

එම පුද්ගලයාගේ බෙල්ලට කොළරයක් දමා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පැවසේ. රෝගියා ඊයේ (27 වැනිදා) විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු විසින් පරීක්ෂාවට ලක් කළ බවත් අද (28 වැනිදා) ස්නායු විශේෂඥ වෛද්‍ය පරික්ෂණයකට ලක්කරන බවත් කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේවෙතත්, සිද්ධියට සම්බන්ධ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවමත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා නොවේ.

Newspedia 01

Related post