නොරොච්චෝල අක්‍රීය වීමට ඩෑන් පොලීසි යයි! – ඉංජිනේරුවන්ටත් චෝදනා!

නොරොච්චෝල බලාගාරය දිගින් දිගටම අක්‍රිය වීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා සඳහන් කරමින් ඩෑන් ප්‍රියසාද් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එහිදී විටින් විට බලාගාරය අක්‍රීය වීම පිළිබඳව සොයාබලන ලෙස එම පැමිණිල්ල මගින් සඳහන් කොට තිබේ.
එමෙන්ම නොරොච්චෝල බලාගාරය බිඳ වැටීමට ප්‍රධාන වරදකරුවන් වන්නේ එහි ඉංජිනේරුවන් බවත් මෙය හිතාමතා සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බැලිය යුතු බවත් ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබේ.