තොටළඟ ගින්නෙන් නිවාස 80ක් විනාශයි!

ඊයේ (27) රාත්‍රියේ තොටළඟ – කජීමාවත්තේ ඇතිවූ ගින්නෙන් මේ වනවිට නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වේ.
ගිනි නිවන ඒකකය, පොලිසිය හා යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පවත්වනු ලැබිය.
නමුදු ගින්නෙන් පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී ඇති බව පොලිසිය පවසයි.
ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවද පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.