කාන්තා ආසියානු කුසලානයට ශ්‍රී ලංකා පිල පිටත් වෙයි!

 කාන්තා ආසියානු කුසලානයට ශ්‍රී ලංකා පිල පිටත් වෙයි!

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පිල අද (28) පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව විය.

ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය බංග්ලාදේශයේ සිලට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

සිව්වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්වේ.

සත්කාරකත්වය හොබවන බංග්ලාදේශ පිලට අමතරව රටවල් 7 ක් තරගාවලිය නියෝජනය කරනු ලබන අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම රටවල් වෙති.

තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව තරග 6 කට සහභාගිවන අතර ලබන 01 වැනිදා ඉන්දියාවට එරෙහිව සිය පළමු සටන පැවැත්වේ.

Newspedia 02

Related post