හදිසියේම අද විදුලි කැපිල්ල පැය 3ක් කරයි!

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් අද දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
කෙසේ වෙතත් හෙට දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20 ක් දක්වා ගෙන ඒමට කටයුතු යොදන බවද එම කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.