විදුලි කප්පාදුව දීර්ඝ කරමින් නොරොච්චෝලේ යළි අක්‍රීය වෙයි.

රට තුළ අර්බුදයකට ලක්ව ඇති විදුලි ගැටලුව තව තවත් තීව්‍ර කරමින් යළිත් වතාවක් නොරොච්චෝලේ බලාගාරය නැවත වතාවක් අක්‍රිය වී ඇති බව වාර්තා වේ.
නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.