මැතිවරණ අධික වියදම් පාලන පනත ජනපති අතට…

 මැතිවරණ අධික වියදම් පාලන පනත ජනපති අතට…

මැතිවරණයක් පැවැත්වීමේදී අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන අධික වියදම් පාලනය කිරීම සඳහා ‘මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත’ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් සහ යෝජනා අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඇති නීතිපතිවරයාගේ එකඟතාව හිමිවූ මෙම පනත් කෙටුම්පත මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ද නිර්දේශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කරයි.

ඒ අනුව කරුණු 07ක් ඇතුලත් මෙම පනත බලාත්මක කරවීම සඳහා පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Newspedia 02

Related post