පිටගිය රුහුණු කුමාරි නිසා ක්ෂණික වැඩ වර්ජනයක්!

අද (27) උදෑසන බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය හේතුකොටගෙන දුම්රිය රියදුරන් සහ සහායකවරුන්ගේ ක්ෂණික වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
රියදුරු සහායකයෙකු විසින් මරදාන සිට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත දුම්රිය රැගෙන යාමේදී මෙම අනතුර සිදුවූ අතර එහිදී දුම්රිය රියදුරෙකුගේ නිල නිවාසකට ද හානි සිදුව තිබුණි.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය විසින් රියදුරු සහායකවරයෙකු වැඩතහනම් කර ඇත.
ඊට විරෝධය පළකරමින් දුම්රිය එන්ජින් රියදුරු සහායකවරුන් පැය දෙකකට ආසන්න කාලයක් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පැවති අතර එම කාලය තුළ දුම්රිය 5ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සබැඳි: