නවක වදය දුන්නොත් රස්සාත් නැති කරන අසාදු ලේඛනයක්!

 නවක වදය දුන්නොත් රස්සාත් නැති කරන අසාදු ලේඛනයක්!

මේ වනවිට විශ්ව විද්‍යාල වල සිදුවන නවක වද සිදුවීම් සම්බන්ධව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා දැඩි පියවර ගැනීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව නවක වදය, රාජ්‍ය දේපළ හානි කිරීම, ප්‍රචණ්ඩත්වය වැපිරීම වැනි විවිධ වරදවල් සඳහා වරදකරුවන් වන සරසවි සිසුන්ගේ නම් ඇතුලත් අසාදු ලේඛනයක් සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

එහිදී අසාදු ලේඛන ගතකරන සිසුන් හට රජයේ රැකියා ලබාදීමේදී හා වෘත්තීය මට්ටමේ ශිෂ්‍යත්ව ආදිය ලබා දීමේදී මෙන්ම රජයේ වෙනත් පහසුකම් ලබාදීමේ හිමිකම් නොලැබෙන බවද සුරේන් රාඝවන් අමාත්‍යවරයා පවසයි.

Newspedia 02

Related post