කන්න නැති නිසා උතුරේ ළමයි 246ක් ළමා නිවාස වලට බාරදීලා!

 කන්න නැති නිසා උතුරේ ළමයි 246ක් ළමා නිවාස වලට බාරදීලා!

යුනිසෙෆ් සංවිධානය හා ලෝක ආහාර සංවිධානය මෙරට ළමා මන්දපෝෂණය දරුණු ලෙස වැඩිවෙමින් ඇති බවට පැවසීමත් සමඟ විවිධ පාර්ශව වලින් එයට විරෝධය එල්ල වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයද එය පිළිනොගන්නා බව සඳහන් කරනු දැකගත හැකිවිය.

එමෙන්ම සුරියවැව ප්‍රදේශයේ පාසැල් දැරියක දවල් ආහාරයට පොල් මද ගෙන ඒමේ සිදුවීම බොරුවක් බවත් පොල් මද කෑම හොඳ දෙයක් බවත් මෙරට ළමා මන්දපොෂණයක් හෝ ආහාර හිඟයක් නොමැති බවටත් වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් පසුගියදා පවසන ලදී.

නමුදු එවන් ප්‍රකශ නිකුත්වන සමයේ උතුරු පළාත තුල ආහාර හිඟය නිසාවෙන් දරුවන්ට අත්වි ඇති කේදනීය ඉරණම උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කර තිබේ.

එහිදී අනාවරණය වන්නේ 2022 ජූනි මාසය වන විට උතුරු පළාතේ ජීවත් වන දෙමව්පියන් විසින් දරුවන් 246 දෙනෙකු ළමා නිවාස වෙත යොමු කර ඇති බවයි.

මේ සදහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ජනතාව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය යැයි උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් ගුරුපරන් රාජේන්ද්රන් මහතා ‘ද මෝර්නිං’ පුවත්පත සමග පවසා තිබේ.

රජය මුහුණ දී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සදහා මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු අරමුදල් විධිමත්ව නොලැබෙන තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බවද ඒ මහතා පවසයි.

මේ හේතුවෙන් ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ගුරුපරන් රාජේන්ද්රන් මහතා මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

Newspedia 02

Related post