මහින්දගේ නායකත්වයෙන් යළි ආණ්ඩුවක් හදනවා!

 මහින්දගේ නායකත්වයෙන් යළි ආණ්ඩුවක් හදනවා!

නැවතත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු රජයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ආණ්ඩුවක් ලෙස පසුගිය කාලයේ ගත් යම් තීන්දු තීරණ රටේ ජනතාවට දැඩි ලෙස බලපා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේ පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දුව සහ ජනතාවට ලබා දුන් බදු සහන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගත් තීන්දූ හේතුවෙන් මෙලෙස බරපතළ පසු බෑමකට යන්නට සිදු වූ බව ඔහු පිළිගනී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ දැවැන්ත සේවයක් කළ සහ රාජ්‍ය නායකයින් බිහි කළ ආණ්ඩුවක් බව ත් කොවිඩ් වසංගතය පාලනය කිරීමට කටයුතු කළ ආණ්ඩුවක් බව ත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.

“අපි බලාපෙරොත්තු වෙනවා මේ මිනිස්සු මත පැටවිලා තියෙනවා බදු බර බඩු බර ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන නැවතත් රට යථාවත් කරලා. ඉදිරියට මේ පක්ෂය අරගෙන ගිහිල්ලා නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජයක් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මහින්දානන්ද අලුත්ගමගේ

Newspedia 01

Related post