ඩලස්ගේ දෙදෙනෙකුට රනිල්ගෙන් නඩු!

 ඩලස්ගේ දෙදෙනෙකුට රනිල්ගෙන් නඩු!

සිය නිල රාජ්‍ය වාහන ආපසු ලබා නොදීම සම්බන්ධයෙන් පොහොට්ටු (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය සළකා බලමින් සිටින බව වාර්තා වේ.

සන්ඩේ ඔබ්සවර් පුවත්පතට අනුව, ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි වෙතින් සුඛෝපභෝගී ලෑන්ඩ් කෲසර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සතුව තිබූ Toyota Hilux කැබ් රථයක් ද ජනාධිපති ලේකම් කාර්යාලය භාරයට ගත් බව ඔවුන් සඳහන් කළේඋඅ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා හැර අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් වාහන ආපසු ලබාදී ඇති බව සඳහන් කරමින් එම ආරංචි මාර්ග සඳහන් කළේ පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය සලකා බලමින් සිටින බවය.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා භාවිත කළ Toyota Land Cruiser සහ Toyota Hilux Cab යන වාහන දෙකෙහි වෙළඳපල වටිනාකම රුපියල් කෝටි 100 ක් පමණ වන බව ගණන් බලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් පොදු රාජකාරි කටයුතු සඳහා වාහන ඉල්ලා සිටීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම වාහන නිදහස් කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙම පොහොට්ටු මන්ත්‍රීවරුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ පෙනී සිටි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙමින් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීම ය.

Newspedia 01

Related post