ජැකලින්ට දිල්ලි අධිකරණයකින් ඇප හිමිවෙයි.

 ජැකලින්ට දිල්ලි අධිකරණයකින් ඇප හිමිවෙයි.

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඉන්දියානු රංගන ශිල්පිනී Jacqueline Fernandez හට අද දිනයේදී දිල්ලි අධිකරණයක් මගින් අතුරු ඇප නියම කර ඇතැයි විදෙස් පුවත් පවසයි.

චූදිත සුකේෂ් චන්ද්‍රසේකර් නමැත්තා සම්බන්ධ ඉන්දියානු රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවක විත්තිකාරියක් ලෙස දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ඇයට මෙසේ ඇප නියම කර තිබේ.

සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී සිටි ඇය නීතිඥවරියක ලෙස සැරසී අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඇය විත්තිකාරියක් ලෙස නම් කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අධිකරණයට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය පරිපූරක චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණි.

එම චෝදනා පත්‍රය සැලකිල්ලට ගත් අධිකරණය ජැකලින්ට සැප්තැම්බර් 26 වැනිදා පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

මෙම නඩුවේ ඇයගේ භූමිකාව සම්බන්ධයෙන් දිල්ලි පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා ඇය මින් පෙර දෙවරක් අධිකරණය හමුවට කැඳවා ඇත. සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය සතියේ, මෙම නඩුව සම්බන්ධයෙන් දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය විසින් ෆර්නැන්ඩස් මහත්මියගේ රූපලාවන්‍ය ශිල්පිනී ලීපාක්ෂි එල්ලාවාඩිගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කරන ලදී.

ප්‍රශ්න කිරීම්වලදී, ලීපාක්ෂි එල්ලාවාඩි විසින් ජැකලින් ෆර්නැන්ඩස් සහ සුකේෂ් චන්ද්‍රශේඛර් අතර ඇති සම්බන්ධය ගැන තමා දන්නා බව, නිලධාරියෙකු හමුවේ ප්‍රකාශ කර තිබිණ.

සුකේෂ් චන්ද්‍රශේඛර් විසින් එල්ලාවාඩි අමතා ජැකලින් නම් වූ බොලිවුඩ් නිළිය පොළඹවා ගැනීම සඳහා ඇය විසින් අඳින ඇඳුම්වල වෙළෙඳනාම පිළිබඳ යෝජනා ලබාගෙන ඇති බව එම නිලධාරියා පැවසීය.

සුකේෂ් චන්ද්‍රශේඛර් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත සැලවීමත් සමඟ ජැකලින් ෆර්නැන්ඩස් ඔහු සමඟ තිබූ සියලු සබඳතා කපා දැමූ බවද ඇය පොලිසියට ප්‍රකාශ කළාය.

චන්ද්‍රශේඛර් ඔහුගේ උපන්දිනය දා ෆර්නැන්ඩස් මහත්මියගේ නියෝජිත ප්‍රශාන්ත්ට යතුරුපැදියක් පිරිනැමූ නමුත් ඔහු එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. එසේම, චන්ද්‍රශේඛර් එම යතුරු පැදිය සහ එහි යතුරු ප්‍රශාන්ත්ගේ ස්ථානයේ තබා ගිය බව පොලිසිය මීට පෙර පවසා තිබුණි. එම වාහනය අත්අඩංගුවට ගත් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.

Newspedia 01

Related post