රත්නපුරේ අක්කර 10,000ක ගංජා වවන්න සැලසුම්!

 රත්නපුරේ අක්කර 10,000ක ගංජා වවන්න සැලසුම්!

විශාල විදේශ ආදායමක් උපයා ගැනීමට හැකි ගංජා අපනයන කටයුතු ආරම්භ කිරීම සඳහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ අක්කර 10,000 ක ගංජා වගා කිරීම සඳහා අවසර ඉල්ලමිනි,

මෙම යෝජනාව අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කැබිනට් මණ්ඩලයට යොමුකොට තිබේ.

මේ පිළිබඳව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට අමාත්‍යවරයා පවසා ඇත්තේ බටහිර රටවල ගංජා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ගංජා අපනයනය විදේශ ආදායමක් උපයා ගැනීමට කදිම මාර්ගයක් බවයි.

Newspedia 02

Related post