බෞද්ධ තායිලන්තෙත් ගංජා, ගණිකා වෘත්තිය නීතිගතයි! – අපි තාම ළිං මැඩියෝ!

රටේ සංවර්ධනයට රාත්‍රි ආර්ථිකයන් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා ගංජා වැවීම මෙන්ම ගණිකා වෘත්තියත් නීතිගත කළ යුතු බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය සතිඅග පුවත්පතක් සමඟ සිදුකල සාකච්ජාවකදී පවසා තිබේ.
එහිදී ඒ මහත්මිය පවසා ඇත්තේ රට දියුණු කිරීමට ආගම හා සංස්කෘතිය බාධාවක් කරගත යුතු නැති බවයි.
මන්ද යත් මේ වනවිට තරුණ තරුණියන් මේ වනතෙක් පැවතී රාමුව බිඳ දමමින් තම අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹී ඇති බවත් එය අරගලය තුළින් හොදින්ම වැටහී ගිය බව අමාත්‍යවරිය පවසයි.
අද වනවිට අප රට තුළ කෑමට ආහාර පවා නොමැති මොහොතක තවමත් අප 2500ක ඉතිහාසය ගැන කියමින් සිටින බවත් බෞද්ධ රටක් වන තායිලන්තය මේ වනවිට ගංජා හා ගණිකා වෘත්තීය නීතිගත කර සංචාරක ව්‍යාපාරය දියුණුකරගෙන ඇති බව ඩයනා ගමගේ මහත්මිය පවසයි.
“අපි අද හිස්බඩ සිටිමින් අවුරුදු 2500ක සාම්ප්‍රදායිකත්වයක් ගැන කතා කරන ජාතියක් බවට පත්වෙලා.”
” මේ වෙද්දි අපේ රට වටේට තියෙන සියලුම රටවල් දියුණුව කරා ළඟා වෙලා අවසන්. නමුත් අපි තවමත් ළිං මැඩියෝ වගේ සාම්ප්‍රදායික මතවාදවලම එල්ලිලා ඉන්නවා.”
“තායිලන්තය ගත්තොත් කංසා වගේම ගණිකා වෘත්තියත් නීතිගත කරලා තියෙනවා. අද ඒ රට විශාල විදේශ විනිමයක් හම්බකරනවා. ඔවුන්ගේ ආගමට සංස්කෘතියට ඒ තුළින් කිසිම බාධාවක් වෙලා නෑ. තායිලන්තය කියන්නෙත් බෞද්ධ රටක්.ඒ ආගමටවත් සංස්කෘතියටවත් රටේ සංවර්ධනය කිසිම බලපෑමක් එල්ලකරලා නෑ.
මේ පිළිබඳව අදහස් දක්වා සිටින සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පවසා සිටින්නේ තමන්ට මේ සඳහා රජය මගින් සහයක් ලබනොදෙන්නේනම් අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බවයි.