බොරලැස්ගමුවේ මනුෂ්‍ය ඝාතනයක්!

 බොරලැස්ගමුවේ මනුෂ්‍ය ඝාතනයක්!

ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. ප්‍රහාරයෙන් එම කාන්තාවගේ සැමියාද තුවාල ලබා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අඹුසැමි යුවළ යතුරුපැදියෙන් බොරුපන පාලම අසල රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

ප්‍රහාරයෙන් පසු යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් ගත් එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බොරලැස්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Newspedia 01

Related post