තේ වතුවල දෛනික වැඩ නතර වෙයි!

 තේ වතුවල දෛනික වැඩ නතර වෙයි!

මස්කෙලිය වැවිලි සමාගම යටතේ පාලනය වන මස්කෙලිය , තලවකැලේ සහ බදුල්ල යන ප්‍රදේශවල සියළුම තේ වතු වල දෛනික වැඩ කටයුතු (23) දින සිට තාවකාලිකව නතර කිරිමට වතු සමාගමේ ඉහල පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි වතු අධිකාරීවරයෙක් කියා සිටියේ වතු කම්කරුවන් විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් තම වතු සමාගමේ තේ කර්මාන්ත ශාලාවල දෛනිකව නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා ප්‍රවාහනය කිරිමට බාධා පැමිණවිම හමුවේ තේ වතු වල වැඩ කරන වතු කම්කරුවන්ට මාසික ගෙවන අත්තිකාරම් මුදල සහ නෙලන තේ දළු වලට අදාල මුදල් ගෙවිමට නොහැකි විම මෙම පියවර ගැනීමට හේතු වී ඇති බවය.

ඔහු පවසන්නේ අමු තේ දළු කිලෝවක් නිමි තේ කුඩු බවට පරිවර්තනය කිරිමට විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවය, එවන් තත්ත්වයක් මත තේ නිෂ්පාදනය සදහා තම සමාගමේ වතු කම්කරුවන්ගෙන් ලැබෙන දායතක්වය ප්‍රමාණවත් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

රජය මගින් වැටුප් පරිපාලක සභාව හරහා වතු කම්කරුවන්ට දෛනික වැටුප වශයෙන් රු දහසක වැටුපක් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර තිබියදි මස්කෙලිය වැවිලි සමාගම විසින් දිනකට අමු තේ දළු කිලෝ 20 ක් නෙලුවහොත් පමණක් රු දහසක වැටුපක් ලබාදිමට තිරණය කර ඇත.

වතු කම්කරුවන් කියා සිටින්නේ තේ වත්තට රසායනික පොහොර යොදා නිසි ලෙස නඩත්තු නොකිරිම හමුවේ තේ ඵළදාව අඩුවිම නිසා තමන්ට දිනකට අමු තේ දළු කිලෝ 20 ක් නෙලිය නොහැකි බවත්, අනෙකුත් තේ වතු සමාගම් වල නෙලන තේ දළු ප්‍රමාණයට නොව රජය මගින් වැඩිකල රු දහසක වැටුප ගෙවන බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

එම වතු සමාගමේ පාලන අධිකාරියට එරෙහිව පසුගිය දින කිහිපය තුල වතු කම්කරුවන් එක්රැස් වි මස්කෙලිය වැවිලි සමාගම යටතේ පාලන වන වතු රැසක උද්ඝෝෂණයක නිරත විය.

Newspedia 01

Related post