ගෝඨා, දුමින්දට දුන් නිදහසට එරෙහි පෙත්සමට දින නියම වේ!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණීය දණ්ඩනය හිමිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහි වෙමින් එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම කර තිබේ.
ඒ අනුව එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩය හිමිව තිබුණි.