උපුල් රෝහණ විශේෂ වැටලීම් ඒකකයට..

ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු බවට පළමුවරට මාධ්‍යයට අනාවරණ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකයට කැඳවා තිබේ.
ඔහු සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැවැත්වෙන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර මේ තුළින් යම් අසාධාරණයක් වී ඇත්නම් මහජනතාවට සාධාරණයක් වේ යැයි බලාපොරොත්තු වන බවය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යම් නිලධාරියෙක්ගේ නොසැලකිලිමත්කම නිසා යම් හානියක් සිදුවී ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වාස කරන බවය.