ඇමැති විදෙස් සංචාර අත්‍යවශ්‍ය ඒවාට විතරයි

 ඇමැති විදෙස් සංචාර අත්‍යවශ්‍ය ඒවාට විතරයි

ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විදේශ සංචාර අත්‍යාවශ්‍ය ඒවාට පමණක් සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කර තිබේ.

වර්තමාන ආර්ථික අර්බුදය සළකා බලා රාජ්‍ය වියදම් සීමා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා සිදු කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමිව ඇත.

ඒ අනුව ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් තම විදෙස් සංචාර අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් සීමා කරන ලෙස ඔවුන් විසින් ද ඉල්ලීමක් කර තිබේ.

ඒ ගමන් සඳහා අත්‍යවශ්‍ය වන නිලධාරීන් පමණක් රැගෙන යාමට ද උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

Newspedia 01

Related post