හරක් හොරකමේ ගිය මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට!

ගවයන් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර නාගරික මන්ත්‍රීවරයා පුත්තලම නගරයේ ගවමස් කඩයක් පවත්වාගෙන යන අයෙකු බවත් ඔහු සමඟ තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
නිවෙස් අසල ගාල් කර සිටි ගවයන් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට කාන්තාවන් දෙදෙනෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගවයන් ප්‍රවාහනය යොදාගත් වෑන් රථයක් හා ලොරියක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.