බාල්දු වූ රුපියල නිසා ලංකාව ලෝකෙන්ම තුන්වන තැනට!

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදලේ අගය අවප්‍රමාණය වූ ලෝකයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට තුන්වන ස්ථානය හිමිව තිබේ.
මේ පිළිබඳව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යයට පළමු ස්ථානය හිමිව ඇති අතර සිම්බාබ්වේ මුදලේ අගය ඇමෙරිකනු ඩොලරයට සාපේක්ෂව 73.33%කින් අවප්‍රමාණය වී තිබේ.
කියුබාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන්ගේ මුදලේ අගය 57.65%කින් අවප්‍රමාණය වී තිබේ.
තුන්වන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවේ රුපියල 47.79%කින් අවප්‍රමාණය වී ඇති බව එම වාර්තාව මගින් දක්වා තිබේ.