ළමා මන්දපෝෂණය දුරු කරන ත්‍රිපෝෂ වලටත් කුමන්ත්‍රණයක්!

යුනිසෙෆ් සංවිධානය හා ලෝක ආහාර සංවිධානය විසින් මෙරට ළමා මන්දපෝෂණය සීඝ්‍රයෙන් වැඩිවී ඇති බව තහවුරු කර ඇති මොහොතක ළමා මන්දපෝෂණය දුරු කිරීම සඳහා අති විශාල දායකත්වයක් ලබාදෙන මෙරට ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයට මරු පහරක් එල්ල කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා වේ.
එහිදී මෙම ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය විසින් ත්‍රිපෝෂ නිශ්පාදනය සඳහා ගන්නා අමුද්‍රව්‍ය සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි Aflatoxins රසායනිකය අඩංගු බවට ප්‍රකාශ කර එම ආයතනයට එරෙහිව පියවර ගැනීමේ සුදානමක් මෙහිදී ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
එම ආයතනය ත්‍රිපෝෂ උසස්ම ගුණාත්මක බවෙන් යුක්ත බව තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන් අමුද්‍රව්‍ය තත්ව පරික්ෂාව සිදුකරන අතර පසුගිය කාලයේ පොහොර හිඟය හේතුවෙන් අස්වැන්න බාල වීම නිසා, තිරිඟුවල තත්වය වඩාත් සුපරීක්ෂාකාරීව බැලීමට සාම්පල් පරීක්ෂා කරන ප්‍රමාණය වැඩිකර තිබේ.
භාවිතයට නුසුදුසු බව හෙලිවී ඇත්තේ මෙවන් සාම්පලයක් බැවින්, එම අමුද්‍රව්‍ය නිශ්පාදනය නොගෙන බැහැරකර තිබේ.
මේ දින වල ආපසු එකතු කරමින් පවතින්නේ කල් ඉකුත් වූ ත්‍රිපෝෂ පැකට් සුලු ප්‍රමාණයක් වන අතර ඒවායේ කිසිදු විෂ ද්‍රව්‍යක් හෝ ගුණාත්මක බවේ අඩුපාඩුවක් නොමැති බව වාර්තා වේ.
රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක මෙම ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය පසුගිය කාලය පුරා අමුද්‍රව්‍ය හිඟයක් පවතින මොහොතක පවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ලීමට මහඟු දායකත්වයක් ලබාදුන් ආයතනයක් බව නොරහසක් වූවද මේ මොහොතේ එම ආයතනයට දියත්වන කුමන්ත්‍රණය හේතුවෙන් හෙට දවසේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයටත් මරුපහරක් එල්ල වීම වැලැක්විය නොහැකිය.
මෙම ආයතනය මගින් නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් ගැනෙන සොයා බෝංචි පසුගිය කාලයේ රු.140ට පැවතියත් අද වනවිට එය රු.400ක් දක්වා මිල ඉහල ගොස් තිබේ.
ඒ අනුව අමුද්‍රව්‍ය මිල තුන්ගුණයකින් ඉහළයාම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා මාසයකට මිලියන 600ක් වැයවන අතර ඔවුන් ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 17ක් නොමිලේ දැයේ දරුවන් වෙනුවෙන් ලබාදෙනු ලබයි.
දරුවන් වෙනුවෙන් නොමිලේ ත්‍රිපෝෂ ලබාදීමේදී එම අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් හා සේවක වැටුප් ගෙවීම සඳහා ඔවුන් සුපෝෂ වෙළඳ නාමය යටතේ මෙම පැකට් වෙළඳපොලට නිකුත් කරමින් මුදල් උපාය ගනිමින් කටයුතු කරයි.
රටේ දරුවන් වෙනුවෙන් මෙවන් සහයෝගයක් දක්වන ආයතනයක් සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවීම තුලින් වාසි අත්වෙනු ලබන්නේ කාටද? යන්න පිළිබඳව ගැටළුවක් පවතී.
බඩඉරිඟු ආනයනයෙ බදු වැඩිකිරීමෙන් ලැබෙන අදායමෙන් විශාල ප්‍රමාණයක් මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනයට ජනාධිපතිවරයා වෙන්කළ මොහොතක ඒ සඳහා ක්‍රියාත්මක කුමන්ත්‍රණය පිළිබඳව රජය මගින් පුළුල් පරීක්ෂණයක් සිදුකලයුතු නොවේද.