සමාජ ආරක්ෂණ බද්ද බලාත්මක වෙයි

 සමාජ ආරක්ෂණ බද්ද බලාත්මක වෙයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (The Social Security Contribution Levy) පනතට කතානායකවරයා විසින් අත්සන් තබා තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් කතානායකවරයා නිවේදනය කළේ, පනත සඳහා ඊයේ තම අත්සන යෙදූ බවය.

The Social Security Contribution Levy පනත පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූයේ මේ මස (සැප්තැම්බර්) 08 වෙනිදා ය.

2022 අයවැය යෝජනා මගින් the Social Security Contribution Levy හඳුන්වාදුන්නේ රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සහ කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය ගොඩ නංවා ගැනීම සඳහා වන මූලාශ්‍රයක් වශයෙනි.

මෙම බද්ද ක්‍රියාත්මක වන්නේ වාර්ෂික ආදායම රු. මිලියන 120 හෝ ඊට වැඩියෙන් උපයන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග සහ සිල්ලර වෙළෙඳුන් ඉලක්ක කරගෙන 2.5% ක බදු ප්‍රතිශතයක් ලෙසය. මෙම බද්ද මගින් අපේක්ෂිත රාජ්‍ය ආදායම මේ වසරේ රු. බිලියන 140 ක් ලෙස ගණන් බලා ඇත.

මෙම පනත බලාත්මක වන්නේ 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායක බද්ද (the Social Security Contribution Levy Act No. 25 of 2022) ලෙසිනි.

Newspedia 01

Related post