විශ්‍රාම වයස විශේෂඥ වෛද්‍යවරුන් රටට අහිමි කරාවිද?

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව 2022 දෙසැම්බර් 31 වෙනිදා හෝ ඉන් පෙර සිට ආසන්න වශයෙන් විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙක් විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වේ.
2021 දී අවුරුදු 65 ක් ලෙස සංශෝධනය කළ රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාම වයස 2022 අතුරු අයවැය යෝජනා මගින් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කෙරිණ.
ඒ අනුව, වයස අවු. 60 ට වැඩි සියළුම රජයේ සේවකයන් 2022 දෙසැම්බර් 31 වෙනිදා වන විට විශ්‍රාම යා යුතුව තිබේ.
මෙම වෙනස හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ, විශේෂයෙන්ම දිවයිනේ දුරස්ථ, රෝහල්වල තත්ත්වය කඩා වැටීමක් සිදුවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී ඇත.
මෙමගින් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43 දෙනෙකු, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 17 දෙනෙකු, රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු සහ අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකු විශ්‍රාම යා යුතුව තිබෙන බව ද එම සංගමය අනාවරණය කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යාමෙන් ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා පළාත් සහ ප්‍රාථමික රෝහල්වල දැනට සිටින විශේෂඥ වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට සිදුවන බව ප්‍රකාශ කරන සංගමය, එම පුරප්පාඩු පිරවීමෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන් ස්ථාන මාරු කළ නොහැකි බව පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් මේ ආකාරයට ස්ථාන මාරු කළ හැක්කේ දැනටමත් විදේශයන්හි පුහුණුව ලබා ඇති විශේෂඥ වෛද්‍යවරුන්ට පමණි.
“රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් විදේශගතව සිටීමට ඉඩ තිබෙනවා”
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය