මැලේසියාවෙන් ලංකාවට රැකියා 10000 ක්!

ශ්‍රී ලංකාවේ 10,000කට රැකියා ලබා දීමට මැලේසියානු කැබිනට් මණ්ඩලය එකඟ වී ඇතැයි එරට මානව සම්පත් අමාත්‍ය එම්. සරවනන් අද (සැප්. 21) නිවේදනය කර තිබේ.
වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගෙන සැප්. 14 වන දා රැස්වූ එරට කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍ය සරවනන් ප්‍රකාශ කළ බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, අදාළ අංශවල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීමෙන් රජයේ අභිප්‍රායයන්ට සහය දෙන ලෙස සේවා යෝජකයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඔහු ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍ය එම්. සරවනන් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය සේවකයින් 10,000ක කෝටාවක් ඇතුළත් මිනිස්බල සැපයීම සඳහා නිල අයැදුම් පතක් මැලේසියාව වෙත ඉදිරිපත් කර ඇති බව ය.
විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට කැමති මැලේසියානු සේවා යෝජකයන්ට වැඩි විස්තර සඳහා අමාත්‍යංශයේ සංක්‍රමණික සේවක කළමනාකරණ අංශය (oscksm@mohr.gov.my) හෝ එරට කම්කරු දෙපාර්තමේන්තුව (jtksm@mohr.gov.my) ඇමතීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.
Source : https://www.thesundaily.my/local/m-sia-to-hire-10000-sri-lankan-workers-AK9851277