මළ ගෙදර ගිය රනිල් ආපසු එයි!

 මළ ගෙදර ගිය රනිල් ආපසු එයි!

එක්සත් රාජධානියේ කෙටි සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද හිමිදිරි උදෑසන ශ්‍රී ලංකාව වෙත යළි පැමිණ තිබේ.

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේ, එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ දෙවැනි එළිසබෙත් රැජනගේ අවමගුල් උත්සවයට සහභාගි වීම සඳහාය.

එම සංචාරය අතරතුර බකිංහැම් මන්දිරයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වැනි චාල්ස් රජු හමුවී සුහද පිළිසඳරක ද නිරත වූ බව වාර්තා විය.

එමෙන්ම ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව ද හමුවිය. බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද මේ හමුව සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තීයවේදීන් රැසක් සහභාගි වී තිබේ.

ජනාධිපතිවරයා සමග ජනපති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්මමහත්මීන් ද අද ශ්‍රී ලංකාව වෙත නැවත පැමිණියහ.

Newspedia 01

Related post