පුටින් යුද්ධයකට සැරසෙයි? බොර තෙල් මිලත් ඉහළ යයි

රට තුළ හමුදා කණ්ඩායම් බලමුළු ගන්වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
යුක්‍රේනයට එරෙහිව සිදු කරන සටන් සඳහා මෙසේ හමුදා සූදානම් කිරීමට රුසියාව තීරණය කර තිබේ.
හමුදා අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් 300,000ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
මෙම තීරණයත් සමගම ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 2% කින් ඉහළගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.