පාසැල් දැරියක් දවල්ට කන්න පොල් මද ගලවන් ඇවිත්!

 පාසැල් දැරියක් දවල්ට කන්න පොල් මද ගලවන් ඇවිත්!

අප රට තුළ මේ වන විට ඇතිව තිබෙන උද්ධමනය අඩු අදායම් පවුල් වලට කොතරම් බලපෑමක් සිදුකර තිබෙන යන්න පසක් වන පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් වාර්තා වේ.

ඒ එම පාසලේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් දිවා ආහාරයට කලටිපොල් මද ගලවාගෙන ආ පුවතකි.

එම දියණිය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයගේ පියා කුලී රැකියාවල නිරත වන බවත් මව රැකියාවක් නොකරන බවත් වාර්තා වේ.

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළටම පැමිණ ඇති බව ජාත්‍යන්තර සංවිධාන පවසා ඇති මොහොතක මෙරට රජය එය ප්‍රතික්ෂේප කර සිටින්නේ මෙවැනි පුවත් පිළිබඳව නොදන්නා නිසාද යන්න ගැටලුවකි.

Newspedia 02

Related post