පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60ක්!

 පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60ක්!

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සිදුකරන ලද ප්‍රකාශයක් හරහාය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දිනකට විදුලියට පමණක් රුපියල් ලක්ෂ දෙකක් පමණ වැයවන බව අපට පෙනීයයි.

මෙම අධික විදුලි බිල පියවා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තියට යොමුවන ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

මේ සඳහා පිළිතුරු ලබාදුන් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවට පුනර්ජනනීය බල ශක්තියට යොමු වීමට හැකියාව තිබෙන නමුත් ඒ සඳහා තාක්ෂණික සහාය ලබාගැනීමට හා විදුලිබල මණ්ඩලය ඔස්සේ මුල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවයි.

Newspedia 02

Related post