ත්‍රිපෝෂ වලට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය ඇමතිත් කියයි!

මේ වනවිට මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය ඉහළ නැංවීම සඳහා අති විශාල දායකත්වයක් දෙනු ලබන ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණය පිළිබඳව අද (21) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද අදහස් දක්වන ලදී.
අප මීට පෙර මෙම සිදුවන කුමන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකල අතර සෞඛ්‍ය අමාත්‍යවරයාද අද පවසා සිටියේ ළදරුවන් සහ මව්වරුන් අතර බෙදාහැර ඇති ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය අඩංගු බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරින.
“ඔය කතාව ගැන මම ඊයේ හවස මම කතා කරා. අමූලික බොරුවක් කියලා වගකීමෙන් මම මේ පාර්ලිමේන්තුවේ දී කියනවා. මොකද හේතුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්න අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි මම අද උදෙත් ඊයේ රෑ 11ටත් ලේකම්ට කිව්වා. මේක හරි අසාධාරණ කතාවක්. මොකද ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීමට කටයුතු කරන, එවැනි ප්‍රකාශයක් කරනවා නම් ලේකම්තුමාගෙන් අවසරයක් ගන්න ඕනේ කියලා විවිධ අමාත්‍යාංශවල. ඒක නිසා මම බොහෝම පැහැදිලිව පාර්ලිමේන්තුවට කියනවා මේ මොහොතේ සිට ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.”
සබැඳි: