ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉන්දීය සාකච්ජා ඇරඹේ!

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාව සමඟ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
එම පුවත් සේවය වාර්තා කොට ඇත්තේ මේ පිළිබඳව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසු බවත් සාකච්ජා සුහදශීලීව පැවැත්වීමට හැකිවූ බවත්ය.
ආර්ථික අර්බුදයෙන් බැට කන සිය අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බව එහිදී ඉන්දියාව වැඩිදුරටත් පවසා තිබේ.