කන්දකාඩු රැඳවියෙකු අභිරහස් ලෙස මිය යයි!

කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙහි රැඳවියකුගේ සිරුරක් එහි පාළු නේවාසිකාගාරයක තිබී හමුවී තිබේ.
වසරක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඒවා ඇති මෙම පුද්ගලයා පාදුක්කේ පදිංචි 27 වියැති විවාහකයකු බව වැලිකන්ද පොලිසිය පවසයි.
මියගොස් සිටි පුද්ගලයා මෙට්ට කවරයක කොටසකින් බාල්කයක එල්ලී ගෙල වැලලා ගැනීමට උත්සහ දරා ඇති බවත් නමුදු ඔහුගේ සිරුර හමුවී ඇත්තේ එම ස්ථානයේ බිම තිබී බවත් පොලිසිය පවසයි.
එහිදී ඔහු වැටි සිටිනු උපදේශක නිලධාරීයකු දැක ඇති අතර ඔහුව රෝහලට ගෙන යනවිටත් මියගොස් සිට ඇති බව වාර්තා කරයි.