හෙට පැය 16 ක ජල කප්පාදුවක්!

හෙට (21) පෙරවරු 08 සිට පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලටයි.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවය.